ඉන්ධන කෝටාව නිකුත් කරන QR කේතය ලබා ගැනීමේ ගැටලු ඇති වූ පුද්ගලයින්ට සිය ගැටලු ඉදිරිපත් කිරිමට නව WhatsApp දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.
076 000 1919 යන WhatsApp අංකයට එම පැමිණිල්ල කළ හැකියි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කළේ වාහනයේ අංකය , ඒ සඳහා පැහැදිලිව සටහන් කර යොමු කර යුතුයි.

ඊට අමතරව ජාතික හැදුනුම්පත , රියදුරු බලපත්‍රය හෝ ගුවන් ගමන් බලපත්‍රයේ පැහැදිලි ඡායාරූපයක් එවිය යුතු බව සුමුදු රත්නායක ප්‍රකාශ කළේ ය.

වාහන ආදායම් බලපත්‍රයේ ඡායාරූපයක් සහ ලියාපදිංචියේ සහතිකයේ ඡායාරූපයද අදාළ WhatsApp අංකයට එවිය යුතු ය.

ඒ සඳහා තවත් වට්ස්ඇප් අංක කිහිපයක් අද දිනයේ හඳුන්වා දෙන බව සුමුදු රත්නායක ප්‍රකාශ කළේ ය.

https://gic.gov.lk/complain-registration.html

මේ හරහා ඔබට නව WhatsApp අංකයක වෙත යොමු විය හැක.

 

ඉන්ධන බලපත්‍ර සම්බන්ධයෙන් නිතර අසන ප්‍රශ්න

ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය පිළිබඳ නිතර අසන ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න

Questions & AnswersClick here

________________________________________________________

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ (15) උදෑසන 06.00 සිට බලපැවැත්වෙන පරිදී ඉන්ධන මිලදී ගැනීම සඳහා මෙම QR කේතය ක්‍රියාත්මක කරන බවය.

ඒ අනුව දිවයිනේ සියලු ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී මෙම QR කේතය භාවිත කළ යුතුව ඇති බවත් QR කේතය නොමැතිව කිසිදු අවස්ථාවක ඉන්ධන ලබා ගැනීමට අවස්ථාවක් නොමැති බවත් බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

QR කේතය ලබා ගැනීමට වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් මෙම QR කේතය භාගත කළ හැකිය.

QR කේතය ලබා ගන්නා ආකාරය සම්පූර්ණයෙන් පහතින්

  1. පෙර QR කේතය ලියාපදිංචි කළ අය:

i. වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම්, (14) මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබට හිමි කේතය භාගත (Download) කරගත හැකිය.

ii.වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇති නම්,(15) දින උදෑසන 6.00 සිට https://fuelpass.gov.lk වෙබ් අඩවියෙන් ඔබ නැවත ලියාපදිංචි විය යුතුය.

  1. පෙර QR කේතය ලියාපදිංචි නොකළ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV ) අලුතින්ම ලියාපදිංචි කරන ලද වාහන:

i. 2026.03.15 දින උදෑසන 6.00 සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබ ලියාපදිංචි විය යුතුය.

මෙලෙස ලියාපදිංචි වීමෙන් පසුව සතියකට ඉන්ධන ලබා ගත හැකි අතර එම ලීටර ප්‍රමාණය පහතින්,

බස් රථ- ලීටර් 60
මෝටර් සයිකල් – ලීටර් 05
වෑන් රථ – ලීටර් 40
මෝටර් රථ – ලීටර් 15
මෝටර් ලොරි – ලීටර් 200
ඉඩම් වාහන – ලීටර් 25
මෝටර් ත්‍රීරෝද රථ- ලීටර් 15
විශේෂ කාර්ය වාහන- ලීටර් 40
ක්වොඩ්‍රිසයිකල් – ලීටර් 5
එමෙන්ම පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන නිකුත් කරන බවද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ සම්බන්ධව බලශක්ති අමාතශාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

Register OnlineClick here

Polish 20260315 060946757