Aswesuma Welfare Benefits Update

පවුල් 1,725,795 ක් සඳහා පෙබරවාරි මාසයට අදාල අස්වැසුම දීමනා අද (13) ගිණුම් වලට බැර කිරීමට නියමිතයි.

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ, මෙලෙස රුපියල් 12,555,651,250ක මුදලක් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබා දෙන බවයි.

ඒ අනුව, අදාල ප්‍රතිලාභින්ට අද සිට තම අස්වැසුම මුදල සිය බැංකු ගිණුමෙන් ලබා ගත හැකි බවයි සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ.