ශ්‍රී ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්තු ප්‍රනාන්දු මහතා පැවසුවේ මේ වනවිට උතුරු මැද පළාතේ ගුරු පුරප්පාඩු තුන්දහසකට අධික ප්‍රමාණයක් පවතින බවයි.

ඊට අදාළව උතුරුමැද පළාත් රාජ්‍ය සේවා නියෝගයට අනුව උපාධිධාරී ගුරුවරුන් 2100ක් බඳවා ගැනීමට සියලු පියවර ගෙන ඇති අතර ඒ සඳහා ගැසට් නිවේදනයක් ද නිර්දේශ කර ඇත. එය මැතිවරණ සමයක් බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එය දැනට අත්හිටුවා ඇති බවද ඔහු දන්වා සිටියේය.

මේ වසරේ උතුරුමැද පළාතෙන් වෙනත් පළාත්වලට ස්ථාන මාරුවීම් ලබා දීමට ගුරුවරුන් 500කට අධික පිරිසක් ඉල්ලුම් කර ඇති අතර ඔවුන් වසර පහක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති බවත් ඔවුන් ද ස්ථාන මාරු කළහොත් ගුරු හිඟය තවත් ඉහළ යනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

උතුරුමැද පළාතේ අත්‍යාවශ්‍ය විෂයයන් සඳහා ගුරු හිඟයක් පවතින බවත්, මෙයට විසඳුම් ලබා නොදී ඉතා ඉක්මනින් මෙම ගුරු පුරප්පාඩු පැවතියහොත් උතුරුමැද පළාතේ අධ්‍යාපන තත්ත්වයට විශාල බලපෑමක් එල්ල වන බවත් ශ්‍රී ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්තු ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Graduate Teaching vacancies