Department of Meteorology

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව, ගිනිකොන දිග අරාබි මුහුදේ සහ බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික ප්‍රජාවට ඉතා අවධානයෙන් පසුවන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

හෙට (25දා) අලුයම 5.30ට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඊසාන දෙසට ගමන් කර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව කුණාටුවක් දක්වා වර්ධනය විය හැක.

පසුව එය උතුරු දෙසට ගමන් කර හෙට රාත්‍රී 11.30 වන විට කුණාටුවක් බවට පත්වනු ඇත.

රට වටා වෙරළබඩ ප්‍රදේශවල සහ ගිනිකොනදිග අරාබි මුහුදේ සහ බෙංගාල බොක්ක ආශ්‍රිතව ඉතා තද සුළං සහ තද වැසි ඇති වේ.

මේ අතර මුහුදු මතුපිට ද ඉතා කැළඹිලි සහගත විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Join WhatsApp Group – Click here