රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7456 ක් පිරවීමට තීරණයක්
රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7456 ක් පිරවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.
ඒ් අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා ප්‍රමුඛතා හා කාලරාමු හදුනාගෙන ඒ් ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන් ම සිදු කළ යුතු බඳවා ගැනීම් හඳුනාගෙන ඒ අනුව අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවට ඒ් ඒ් අමාත්‍යාංශ යටතේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඒ් ඒ් අමාත්‍යාංශ මගින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන පහත සඳහන් බඳවා ගැනීම් සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
අමාත්‍යාංශය පුරප්පාඩු
01 රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය 3000
02 ආරක්ෂක අමාත්‍යාංශය 09
03විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය 179
04 මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය 132
05 අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය 400
06 ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය 161
07 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය 3519
08 බස්නාහිර පළාත් සභාව 34
09 නැගෙනහිර පළාත් සභාව 05
10ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව 17
මුළු සංඛ්‍යාව 7456