A/L Exam New Update – Sinhala Details

A/L Exam

අධ්‍යාපන සාමාන්‍ය උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 වැනි දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටින බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර, උසස් පෙළ විභාගවලට අදාළ ඉගැන්වීම් පන්ති, වැඩමුළු ඇතුළු සියලු කටයුතු සිකුරාදා (29දා) මධ්‍යම රාත්‍රියෙන් පසුව සිදු කළ නොහැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයන්දර මහතා පවසයි.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙයි.

විභාග ආරම්භ කිරීමට පෙර පාසල්වල ඩෙංගු මර්දන කටයුතු සිදු කරන ලෙස පාසල් සහ අදාළ අංශවලින් ඉල්ලා සිටින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

එමෙන්ම ප්‍රවේශපත්‍ර නොලැබුණු පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ට www.doenets.lk නිල වෙබ් අඩවියෙන් අදාළ ලේඛන බාගත කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Download Admission CardClick here