තෝරාගත් පාසල් සහ පිරිවෙන්වල ගිහි පැවදි සිසුන්ට හා සිල් මාතාවන්ට පාවහන් යුගලක් ලබා ගැනීම සදහා රුපියල් 3000 ක තිළිණපතක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

ඒ අනුව සිසුන් 250 ට අඩු පාසල් 6000 ක ඉගෙනුම ලබන සිසුන් 650,000 ක් සදහාත් සිසුන් 250 ට අඩු පාසල් කාණ්ඩයට අයත් නොවන වතු පාසල්වල සිසුන් 140,000 කටත් මෙම තිළිණපත් හිමි වනු ඇති.

මීට අමතරව විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 28 ක සිසුන් 2300ක් සදහාත්, පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවදි සිසුන් 30,000 ක් සදහාත් මෙම තිළිණපත් ලබා දීමට නියමිතයි.

මීට අමතරව, පාසල් සිසුන්ගේ පෝෂණ වැඩසටහන 2025 වසර දක්වාත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමි වුණා.

Shoe Vouchers