School Holiday Notice – Sinhala Details

හජ් උත්සවය ජුනි මස 07 සෙනසුරාදා දිනට යෙදී ඇති අතර, ඒ හේතුවෙන් ජුනි 06 සිකුරාදා සහ ජුනි 09 සඳුදා දින සියලුම මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එම නිවාඩුව වෙනුවෙන් ලබන සඳුදා (26) සහ අඟහරුවාදා(27) දිනයන්හි දී එම පාසල් පැවැත්විය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව, 2025 පාසල් වර්ෂයේ මුස්ලිම් පාසල් සඳහා වන දෙවන වාරය 26වන සඳුදා දින සිට ආරම්භ කෙරෙනවා.