නැගෙනහිර පළාතේ දීර්ඝ කාලයක සිට පවතින ගුරු හිඟය සැලකිල්ලට ගනිමින් උපාධිධාරී ගුරුවරුන් 700ක් පත් කිරීම සඳහා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමනල් මහතා ඊයේ අත්සන් තැබීය.
පසුගිය කාලයේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් නැගෙනහිර පළාතේ ගුරු පත්වීම් 633ක් ලබාදී ඇත. මේ අතර තවත් උපාධිධාරී ගුරු පත්වීම් 700ක් ලබාදීමට නියමිතයි.
නැඟෙනහිර ගුරු හිඟයට පිළියම් යෙදීමට සහ පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් දියුණු කිරීමට ගුරු පත්වීම් ලබාදීම විශේෂත්වයකි.