රාජ්‍ය සේවය ශක්ති­මත් කිරී­මට අත්‍ය­වශ්‍ය බඳවා ගැනීම් 15,921කට අනු­මැ­තිය ලැබී ඇති බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (18) පැවති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමු­වේදී මාධ්‍ය­වේ­දි­යකු නැඟූ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය. පළමු කැබි­නට් තීර­ණ­යෙන් 7,456ක්, දෙවැනි කැබි­නට් තීර­ණ­යෙන් 5,882ක් ලෙස 13,338ක් හා ඊට හෙද නිල­ධා­රීන් 2,218ක් ආයු­ර්වේද වෛද්‍ය­ව­රුන් 304ක් ඇතුළු 2,583ක් බඳවා ගැනී­මට කට­යුතු ආරම්භ කර සම්මුඛ පරී­ක්ෂණ ආරම්භ කර ඇති බව ද හෙතෙම කීවේය. නිසි ක්‍රම­වේ­ද­යක් යටතේ පුර­ප්පාඩු බලා, භාණ්ඩා­ගා­රයේ ඇති හැකි­යාව බලා අත්‍ය­වශ්‍ය සේවා සඳහා බඳවා ගැනීම් සිදු කර­මින් සිටින බවත් ඒ මහතා පැව­සීය.

මෙම පුර­ප්පාඩු අතර උපා­ධි­ධා­රීන් බොහෝ­දෙ­න­කුට ද අවස්ථා පව­තින අතර අධ්‍යා­පන ක්ෂ්ත්‍රයේ ද පුර­ප්පාඩු අනුව බඳවා ගැනීම් කට­යුතු නිසි ක්‍රම­වේ­ද­ය­කට අනුව සිදු කරන බවත් ඇමැ­ති­ව­රයා පැවැ­සීය.

Polish 20250320 172332870