උතුරු පළාතේ සියලුම පාසල්වලට මහා ශිවරාත්‍රියට පසුදින බ්‍රහස්පතින්දා (27) නිවාඩු ලබා දෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර එන්.වේදනායගන් මහතා ප්‍රකාශ කළේය. ඒ වෙනුවට මාර්තු පළමුවැනිදා එනම් සෙනසුරාදා පාසල් පැවැත්වෙන බව ආණ්ඩුකාරවරයා නිවේදනය කර ඇත.
මේ අතර මහා ශිවරාත්‍රිය නිමිත්තෙන් නැගෙනහිර, සබරගමුව සහ ඌව පළාත්වල ක්‍රියාත්මක දෙමළ පාසල්වලට ද අනිද්දා එනම් 27 වැනිදා විශේෂ නිවාඩුවක් ලබාදී තිබේ.
එමෙන්ම නැගෙනහිර, සබරගමුව සහ ඌව පළාත්වල සිංහල හා මුස්ලිම් පාසල්වල අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි ලබන 27 වැනිදා පැවැත්වෙන බව දන්වා ඇත.
ඒ වෙනුවට නිවාඩු ලබා දෙන පාසල් සඳහා මාර්තු 01 සෙනසුරාදා පාසල් පැවැත්වෙන බව ද නිවේදනය කර ඇත.
Join Our WhatsApp Group (MASTER) – Click here