Tsunami Update 2023 – Sinhala Details

Tsunami

දෙසැම්බර් 26 වැනි අඟහරුවාදා යළිත් සුනාමි තත්ත්වයක් ඇති වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැහැදිලි කර ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ සුනාමි හෝ භූමිකම්පාව සිදුවන වේලාව සහ දිනය කිසිවෙකුට අනාවැකි කිව නොහැකි බවයි.

සුනාමියක් හෝ ගොඩබිම කම්පනයක් ඇති වුවහොත් ඒ පිළිබඳව ජාත්‍යන්තර සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථාන පැය 24 පුරාම සීරුවෙන් සිටින බවත් ඒ පිළිබඳව කල්තියා දැනුම් දෙන බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ඇතුළු ජාත්‍යන්තර රටවල් රැසකට බලපෑ සුනාමි ව්‍යසනය ඇතිවූයේ පුර පසළොස්වක පොහෝ දිනකදීය.

ජනතාව නැවතත් බියට පත් වීමට හේතුව එය බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් දෙසැම්බර් 26 වැනි අඟහරුවාදා දිනයේ තරමක වැසි ඇති විය හැකි බවත් ජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත් ඔහු ප්‍රකාශ කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.