Southern Province Graduate Teaching Exam Results 2023 (2024)

FB IMG 1715223222047

විභාග ප්‍රතිඵල I தேர்வு முடிவுகள் I Examination Results

දකුණු පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තියේ 1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය – 2023

தென் மாகாண சபை பாடசாலைகளில் நிலவும் சிங்களம், தமிழ் மற்றும் ஆங்கில மொழி மூல ஆசிரியர் வெற்றிடங்களுக்காக பட்டதாரி ஆசிரியர்களை இலங்கை ஆசிரியர் சேவையின் 3ம் வகுப்பு – I (அ) தரத்திற்கு சேர்த்துக்கொள்வதற்கான திறந்த போட்டிப் பரீட்சை – 2023

Open Competitive Examination for the Recruitment of Graduates to the Grade I (a) in Class 3 of Sri Lanka Teachers’ Service for Sinhala, Tamil and English Medium Vacancies in Southern Provincial Schools – 2023

දකුණු පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තියේ 1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය – 2023 ලිඛිත පරීක්ෂණය සහ ප්‍රායෝගික පරීක්ෂණ ලකුණු ඇතුළත් සමස්ථ ප්‍රතිඵල ලේඛන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නිල වෙබ් අඩවියට නිකුත් කර ඇත.

ප්‍රතිඵල ලබා ගැනීමට අයදුම්කරන ලද එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පහත සබැඳියෙන් පිවිසෙන්න.

Graduate Teaching Results

  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නිකුත් කර ඇත්තේ 2023.11.18 පැවති තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල වන අතර, සෙසු අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල (අසමත් හා විභාගයට පෙනී නොසිටි) අසමත් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛනයේ ඇතුළත් කර ඇත.

  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ප්‍රතිඵල ලේඛනයක් අවසානයේ එම කොට්ඨාසයට අදාළ ආබාධිත අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛනය දක්වා ඇත.

  • එක් එක් අයදුම්කරු විසින් අයදුම්කරන ලද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ ප්‍රතිඵල ලේඛන සියල්ලේම විභාගය සමත්වූ අයදුම් කරුවන්ගේ නම් ඇතුළත් වේ.

  • කුසලතා අනුපිළිවෙල දක්වා ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වන අතර, ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පවතින පුරප්පාඩු සංඛ්‍යාව හා විෂයයන් අනුව පත්වීම් ලබා දීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිරියේදී සිදු කරනු ඇත.

  • පත්වීම් ලබා දීම පවතින පුරප්පාඩු සංඛ්‍යාව අනුව තීරණය වන බැවින්, කුසලතා ලේඛනයේ නම සඳහන් වීම, පත්වීමක් ලැබීමට සුදුසුකමක් නොවන බව සැළකිය යුතු ය