Part Time Jobs for Auto Drivers from Government 2024

මෙම වසරේ මෝටර් රථ රියදුරන්ට අමතර ජීවනෝපායක් හඳුන්වාදීමේ අර්ධකාලීන රැකියා වැඩසටහනක් සඳහා රජය රුපියල් මිලියන 05ක් වෙන් කර ඇති බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ අනුව පළමු අදියරේදී හම්බන්තොට ඉලක්ක කර ත්‍රිරෝද රථ රියදුරන් 70 දෙනෙකු තෝරා ගැනේ.

මේ හරහා ත්‍රිරෝද රථ රියදුරන් සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් පවත්වා ත්‍රිරෝද රථ රියදුරන්ට ජල නළ නඩත්තුව, වඩු වැඩ, කොණ්ඩය කැපීම, විදුලි ඉංජිනේරු ශිල්පය, වාස්තු විද්‍යා සිතුවම් වැනි තෝරාගත් ක්ෂේත්‍රවල වෘත්තීය පුහුණුව ලබා දී ඇත.

ඒ හරහා අමතර ජීවනෝපායක් ඇති කර ගැනීමට අවශ්‍ය උපකරණ ඒ හරහා ලබා දෙන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව කර්මාන්තයේ නියුතු පුද්ගලයින් සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.