2025 Scholarship Exam Results Date

Polish 20250902 114020511

 

தரம் 05 புலமைப்பரிசில் பரீட்சையின் பெறுபேறுகள் இந்த வாரத்திற்குள் வெளியிடப்படும் என்று பரீட்சைகள் திணைக்களம் தெரிவித்துள்ளது.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මෙම සතිය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම විභාගයේ උත්තර පත්‍ර පරික්‍ෂා කිරීම පසුගිය 22 වනදා සිට 27 වනදා දක්වා සිදු කෙරුණු බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඉන් අනතුරුව එක් එක් දරුවන් ලබාගත් ලකුණුවලට අදාල දත්ත පරිගණක ගත කෙරුණා. එම ප්‍රතිඵල පරික්ෂා කිරීමේ කටයුතු මෙම දිනවල සිදු කෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙම වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 10 වනදා පැවැත් වුණා. දිවයින පුරා මධ්‍යස්ථාන 2,787කදී පැවති එම විභාගයට පෙනී සිටි සිසුන් ගණන 307,951ක්. විභාග දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කළේ මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් 20 වනදාට පෙර නිකුත් කරන බවයි.