O/L Exam Again? – Sinhala Details

Polish 20231203 144809531 1

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පෙරේදා නිකුත් කර තිබියදී යළිත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ පුවතක් පැතිර යමින් තිබේ.

ඊට ප්‍රධානතම හේතුව පසුගියදා සිදුවූ විභාග වංචාව බවද එහි සඳහන්.

කෙසේ වෙතත් එවැනි නැවත විභාගයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බව විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට පෙරද මෙවැනි විභාග වංචාවක් සිදුව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් සමාජ මාධ්‍ය ජාලාවල පළවන තොරතුරු නිවැරදි හා සත්‍ය විය යුතු බවත් අසත්‍ය කටකතා පතුරවන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.