GS විභාගය – ප්‍රතිඵල යාවත්කාලීන කිරීම
2021 ග්‍රාම නිලධාරී විභාගය සඳහා ඉල්ලුම් කළ අය සඳහා වන විභාගය දෙසැම්බර් 02 වැනි දින රට පුරා පැවැත්විණි.
මෙම විභාගයේ ප්‍රතිඵල 2024 ජනවාරි මස නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.
මේ අතර ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසුවේ ග්‍රාම නිලධාරී (GS) තනතුරු සඳහා සියලුම පත්වීම් 2024 පෙබරවාරි 04 ට පෙර සිදු කරන බවයි.
ග්‍රාම නිලධාරීන්ගේ පුරප්පාඩු පවතින දුෂ්කර ප්‍රදේශවල විශේෂ යෝග්‍යතා මත විභාගය පවත්වා ගම්සේවා පුරප්පාඩු පිරවීම සිදු කෙරේ.