Cabinet Decision – Sinhala Details

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පීඨ දක්වා උසස් කරමින් අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ සියලුම ගුරුවරුන් උපාධිධාරීන් කිරීමේ අරමුණින් දැනට පවතින අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල පීඨ දක්වා උසස් කිරීමට තීරණය කර ඇත.

ඒ සඳහා අනුගමනය කළ යුතු පරිපාලන හා නීතිමය යාන්ත්‍රණ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් විද්වත් කමිටුවක් පත් කරන ලදී.

එම විද්වත් කමිටුවේ නිර්දේශ මත දැනට පවතින අධ්‍යාපන විද්‍යාපීඨ 20න් 19ක් විශ්වවිද්‍යාල මණ්ඩප බවට උසස් කිරීමටත්, ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එමෙන්ම අදාළ නීතිමය ප්‍රතිපාදන බලාත්මක කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද නීතිඥවරයාට උපදෙස් දී තිබේ.