IMG 20250808 WA0000

ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමේ යෝජනා ක්‍රමයට අනුව, කළමනාකරණ සේවා නිලධාරී සේවයේ පුරප්පාඩු පිරවීමට පියවර ගෙන ඇත. මෙම පුරප්පාඩු සඳහා දිවයින පුරා පුද්ගලයින් 2,170 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ විභාගය සඳහා සුදුසුකම් ලබා ඇත.

මෙම සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පසුගිය මැයි මස දහඅට වන දින විභාග කොමසාරිස්වරයා විසින් පවත්වන ලද විවෘත තරඟ විභාගයේදී, ලකුණු මත පදනම්ව දිවයින පුරා දිස්ත්‍රික්ක විසිපහකින් පුද්ගලයින් දෙදහස් එකසිය හැත්තෑ දෙනෙකු සම්මුඛ පරීක්ෂණ විභාගය සඳහා සුදුසුකම් ලබා ඇත.

මෙම පුද්ගලයින් සඳහා වන සම්මුඛ පරීක්ෂණ විභාගය මෙම මස 22, 23 සහ 24 යන දිනයන්හිදී කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේදී දින තුනක් පැවැත්වේ.