අඩු ආදායම්ලාභීන් සඳහා නව නිවාස 3,000 ක් ඉදිකිරීම ආරම්භ කර ඇති බව රජය නිවේදනය කර තිබේ.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ මෙම වසර අවසන් වීමට පෙර නව නිවාස ඉදිකිරීම අවසන් කරන බවයි.
දිවයින පුරා ග්‍රාම නිලධාරී මට්ටමින් තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙම නිවාස ඉදිකරනු ලැබේ.
නිවාස නියෝජ්‍ය අමාත්‍ය ඩී.පී. සරත් මහතා පැවසුවේ මේ සඳහා මහජන සහාය ද ලබා ගන්නා බවයි.