පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උසස් පෙළ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විවිධ වාර්තා සංසරණය වන අතර ඊට අදාළ වාර්තා අසත්‍ය බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ඒ අනුව විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් මාධ්‍ය විසින් පළ කරන අසත්‍ය ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විභාගවලට අදාළ නිල දැනුම්දීම් සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන ලෙස ද දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

විභාග දෙපාර්තමේන්තුව (වෙබ් අඩවිය) – https://www.doenets.lk/