රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය ක හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවා ගැනීම ප්‍රමාණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස 2024-12-30 දින පැවති අමාක්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

එම කමිටුව වෙත ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතන වල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගෙන, 2025-10-02 දින පැවති එම කමිටු රැස්වීමේදී කරනු ලැබ ඇති නිර්දේශ පරිදි පහත සඳහන් බඳවා ගැනීම් සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

The Cabinet of Ministers has approved a proposal to commence the recruitment process to fill 8,547 vacancies in various departments and state institutions.

The Cabinet approval was granted last year to appoint a committee comprised of officials headed by the Secretary to the Prime Minister to take necessary actions to identify requirements within the government service.

Accordingly, considering the requests and recommendations forwarded by the said committee to fill vacancies to posts within departments and other institutions the Prime Minister has presented a Cabinet paper which has received approval from the Cabinet.

Polish 20251029 082951890

රාජ්‍ය ආයතන අනුව ඇති පුරප්පාඩු

අධ්‍යාපන අමාත්‍යංශය – 79

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය – 120

වරාය අමාත්‍යංශය – 44

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය – 17

කෘෂි කර්ම අමාත්‍යංශය – 123

වෙළෙඳ අමාත්‍යංශය – 01

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය – 310

ධීවර අමාත්‍යංශය – 01

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය – 01

ප්‍රවාහන අමාත්‍යංශය – 48

විදේශ කටයුතු හා සංචාරක අමාත්‍යංශය – 54ක්

ග්‍රාමීය සවර්ධන හා සමාජ ආරක්ෂණ අමාත්‍යංශය – 06

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය – 355

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය – 5198

වැවිලි අමාත්‍යංශය – 213

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය – 1261

ජාතික පොලිස් කොමිසම – 02

උතුරු පළාත් සභාව – 115

සබරගමුව පළාත් සභාව – 11

වයඹ පළාත් සභාවට – 85

උතුරු මැද පළාත් සභාව – 89

බස්නාහිර පළාත් සභාව – 414

ඒ අනුව රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්න පිරිස 8547කි.