පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වස්ඇප් මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බවට දෙමාපියන් සහ ගුරුවරුන් පිරිසක් චෝදනා කරනවා.

අනුරාධපුර ප්‍රදේශයේ පාසලකින් අද‍ාල ප්‍රශ්න පත්‍රය පිටව ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට අදාලව ප්‍රශ්න පත්‍රය සකස් කළ අදාළ නිලධාරී මණ්ඩලය සමඟ පරීක්ෂණයක් පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.