වතුකරයේ පාසල්වල පවතින ගුරු හිඟයට පිළියම් යෙදීම සඳහා සහකාර ගුරුවරුන් පත් කිරීමට තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුෂිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසුවේ ඊට අදාළව ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදනයේ වෙනසක් සිදු කළ නොහැකි බවයි.
උද්‍යාන පාසල් සඳහා සහකාර ගුරුවරුන් පත්කිරීමේ තරග විභාග අගෝස්තු 17 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පළ වූ ගැසට් නිවේදනයේ දෝෂ පවතින බවට ෆයිසර් මුස්තාෆා විසින් පෙත්සමක් ගොනු කිරීම හේතුවෙන් අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
ඊට මැදිහත් වන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් ප්‍රකාශ කළද රජය ප්‍රකාශ කළේ අධිකරණ තීන්දුව ලැබෙන තෙක් බලා සිටීමට සිදුවන බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව පසුගියදා අදහස් දැක්වූ බයිසර් මුස්තාෆා නිවේදනය කර තිබුණේ පුවත්පත සංශෝධනය කළහොත් තමන් පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවයි. මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී ඉහත ප්‍රකාශය කළේය. ඒ සම්බන්ධයෙන් තමන් අධිකරණය හරහා ප්‍රවේශ වන බවද ඔහු කියා සිටියේය.
Teacher Assistant Exam Gazette – Click here