පසුගිය දිනවල දියත්කළ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියට පහළ රාජ්‍ය සේවකයන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එම සේවකයින් සඳහා එක්වර රු. 10,000ක දීමනාවක් සහ සහතිකයක් ලබාදීමට ජනපති ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.
අනෙක් අතට වැටුප් වැඩිකිරීම හරහා ගුරුවරුන්ට සිදුවන අසාධාරණකම්වලට එරෙහිව ගුරු සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසා තිබේ.
Join MASTER WhatsApp Group – Click here