සා/පෙළ විභාග දිනය යළි කල් යයි!
මේ වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යාපන සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි මස මුලදී පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුෂිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
විභාග කොමසාරිස් ජනරාල්වරයා නිශ්චිත දිනය ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
උසස් පෙළ විභාගය 2023 දක්වා කල්දැමීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාග මැයි මාසය දක්වා කල් දැමීමට නියමිත බව වාර්තා වේ.
කෙසේ වෙතත්, 2025 වසරේ සිට සාමාන්‍ය පරිදි විභාග නියමිත දිනවල පැවැත්වෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් අද පුවත්පතේ පළවූ පුවත