රට තුළ පවතින අසාමාන්‍ය කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය සිකුරාදා සියලුම පාසල්වලට විශේෂ නිවාඩුවක් ලබාදී තිබුණා.
වසා දමා ඇති පාසල් හෙට විවෘත කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා දැනුම් දී ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසුවේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සාකච්ඡා කර පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අද අවසන් තීරණය ගන්නා බවයි. මේ සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.