ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දෙමළ මාධ්‍ය සහ තාක්ෂණ සහ විදේශ භාෂා යන විෂයයන් සඳහා උපාධිධාරී ගුරු පත්වීම් 2500ක් පමණ ජූලි මස මුල් සතියේදී ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුෂිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

නාතන්ඩිය තම්මිස්සර විද්‍යාලයේ ඉදිකරන ලද නව තෙමහල් තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවයට එක්වෙමින් ඔහු ඉහත ප්‍රකාශ කළේය. ඔහු පවසන පරිදි පළමු අදියරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සියලුම ප්‍රමුඛ පෙළේ පාසල් සඳහා නවීනතම ස්මාර්ට් පන්ති කාමර 2500 ක් ලබා දීමට නියමිතය.

Polish 20240617 121655478

Join WhatsApp Group – Click here