සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් අධ්‍යාපනය අරඹා විශ්වවිද්‍යාල ප්‍රවේශය කඩිනම් කරමින් සිසුන්ගේ කාලය කා දැමීම වැළැක්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය නිසි පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුෂිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසුන් ඇගයීමේ උත්සවයට අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඒ අනුව වයස අවුරුදු 16න් පසු උසස් අධ්‍යාපනයට සහ අවුරුදු 18න් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථා විවෘත කිරීමේ අරමුණින් අතුරුදන් වූ පාඩම් සම්පූර්ණ කිරීම සඳහා කණ්ඩායම් දෙකක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එකවර අධ්‍යයන කටයුතුවල නිරත වන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

Join WhatsApp Group – Click here