කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ආපදා සිදුවී ඇති ස්ථානවල සිටින ජනතාවට 117 දුරකථන අංකය අමතා දා කළමනාකරණ මධ්‍යස්ථානය හා සම්බන්ධ වන ලෙස දා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්ලි මහතා පවසයි.

මේවන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සතු සියලුම බෝට්ටු, උපකරණ මෙන්ම ත්‍රිවිධ හමුදා කණ්ඩායම් ද යොදවමින් විපතට පත් ජනතාව බේරා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී.

Join WhatsApp Group – Click here

Polish 20240602 221642960