2024 වසර සඳහා වන සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන 2025 මාර්තු මාසයේ පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර, 2024 වසර සඳහා වන උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.
එමෙන්ම, 2026 වසරේ සිට නියමිත කාලසටහනට අනුව විභාග පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා තිබේ.