ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉස්ලාමීය අධ්‍යයන හා අරාබි භාෂා පීඨයේ දසවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2024.05.14 අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, දිවයින පුරා ක්‍රියාත්මක වන සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් එම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය නියමිත දිනට පැවැත්විය නොහැකි බැවින් එම සම්මන්ත්‍රණය නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇත.

කෙසේ වෙතත්, අනධ්‍යන කාර්ය මණ්ඩල වර්ජනය අවසන් වූ පසු වැඩමුළුව පැවැත්වෙන නව දිනය ප්‍රකාශයට පත් කරන බව අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉස්ලාමීය අධ්‍යයන හා අරාබි භාෂා පීඨයේ ජාත්‍යන්තර වැඩමුළු කමිටුව පවසයි.