දැනට අපි උත්සාහ කරන්නේ නවීන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීමටයි. 2024ට විතරක් නෙවෙයි 2030ටත් ප්‍රශස්ත අධ්‍යාපන ක්‍රමයක් හදන්න ඕන. අපි දැන් ඒ කාර්යයන් කරගෙන යනවා. ගුරුවරුන්ට පුහුණුව ලබාදීම, නවීන තාක්ෂණික දැනුම ලබාදීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ අතර, අපි සෑම පාසලකම කෘතිම බුද්ධි (AI) වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මුලින්ම AI සංගම් පාසල්වල ආරම්භ කළ යුතුයි. ජාතික කෘත්‍රිම බුද්ධි මධ්‍යස්ථානය නීතියට අනුව ස්ථාපිත කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ කෘත්‍රිම බුද්ධි වැඩසටහන ප්‍රාථමික පාසල්වල පමණක් නොව උසස් අධ්‍යාපනය උගන්වන සියලුම පාසල්වල හඳුන්වා දීමට නියමිතය.

අපි නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුයි. ඒ නිසා තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදිය යුතුයි. ඒ අනුව පාසල් අධ්‍යාපන හා විභාග ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට අප අවධානය යොමු කර තිබෙනවා. මෙම නවීන තාක්ෂණික දැනුමත් සමඟම දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ද වර්ධනය කළ යුතුයි. ඒ සඳහා අපි සැලසුම් සකස් කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.