සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම සිසුන් සඳහා උසස් අධ්‍යාපන පන්ති ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුෂිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල නිකුත් වන තෙක් මාස 04ක කාලය තුළ සිසුන් තවත් බොහෝ දේවල නිරත වන බවයි.

නමුත් අප ක්‍රියාත්මක කරන මෙම නව වැඩසටහන තුළින් සිසුන්ට අඛණ්ඩ ඉගෙනුම් කටයුතුවල නිරත විය හැකියි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමට පෙර උසස් අධ්‍යාපනයට අසමත් වන සිසුන් දෙපිරිස පාසල් තුළට ගෙන උසස් අධ්‍යාපනය සඳහා පන්ති ආරම්භ කරයි. එය ඉගෙනීමේ කිසිදු ගැටළුවක් ඇති නොකරයි.

අපි අපේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රගතිය සහ වෙනස්කම් ඇති කළ යුතුයි. එවැනි අවශ්‍ය වෙනස්කම් ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙමින් පවතින බවද අමාත්‍යවරයා පැවසීය.

Join MASTER WhatsApp Group: Click here