මහාමාර්ග රථවාහන රාජකාරියේ නිරත රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ මාසික දීමනාව රුපියල් 1600 සිට රුපියල් 6000 දක්වා වැඩි කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා නියෝග කර තිබේ.

පොලිස් සැරයන්වරයෙකුට ලබාදෙන රුපියල් 1800ක මාසික දීමනාව රුපියල් 6,000 දක්වාත්, පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදෙන රුපියල් 2,000 දීමනාව රුපියල් 7,000 දක්වාත්, රථවාහන ස්ථානාධිපතිවරයෙකුට ලබාදෙන රුපියල් 2,500 දීමනාව රුපියල් 7,000 දක්වාත් වැඩි කිරීමට නියමිත බව වාර්තා වේ. 7000 දක්වා වැඩි කළා.

රථවාහන රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් ඇගයීම සහ අභිප්‍රේරණය කිරීම මගින් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සැපයීම අපේක්ෂා කෙරේ.

Join Our WhatsApp Group: Click here