වර්තමානයේ ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීමට සමාජයේ විශාල ඉල්ලුමක් පවතී.
එබැවින් පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ කැබිනට් අනුකමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
මෙම කාර්යය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ඉංග්‍රීසි භාෂා ගුරුවරුන් 2500ක් සම්බන්ධ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.
ඊට සමගාමීව ඉංග්‍රීසි භාෂාවෙන් විෂයයන් ඉගැන්විය හැකි විශ්‍රාමික ගුරුවරුන් 1000ක් වසර 3ක කොන්ත්‍රාත් පදනම මත කඩිනමින් බඳවා ගැනීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
එමෙන්ම විවෘත තරඟ විභාගයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීමට හැකියාව ඇති උපාධිධාරීන් 1100ක් ක්‍රමානුකූලව බඳවා ගැනීමටද කැබිනට් අනුකමිටු රැස්වීමේදී උපදෙස් දී තිබේ.
දැනට ඉංග්‍රීසි අධ්‍යාපන විද්‍යාපීඨවලින් පිටවීමට නියමිත ගුරුවරුන් 400ක් අන්තර්ග්‍රහණය කරනු ඇත.
JOIN WHATSAPP GROUP: CLICK HERE