අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් අද (08) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිතය.
අප්‍රේල් 14 වැනිදාට යෙදෙන අලුත් අවුරුදු නැකතත් සමඟ අප්‍රේල් 15 සඳුදා දැන් සාමාන්‍ය වැඩ කරන දිනයක් බවට පත්ව ඇත.
කෙසේ වෙතත් ලබන 15 වන සඳුදා රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන ලෙස පාර්ශව රැසක් ඉල්ලීම් කළද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.
එය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට කැබිනට් තීරණයක් අවශ්‍ය බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි.
ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.