ASWESUME UPDATE (19.01.2024)
අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස මුල් සතියේ සිදු කරන බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
අභියාචනා සහ විරෝධතා ලක්ෂ හතක් සලකා බැලීමෙන් අනතුරුව “අස්වැසුම” සුබසාධන යෝජනා ක්‍රමය යටතේ තවත් පවුල් තුන් ලක්ෂයක් අලුතින් සහන සඳහා සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ.
වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ ඇස්වැසුම යෝජනා ක්‍රමයට ඇතුළත් පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇති බවයි.
අලුතින් තෝරාගත් පවුල් සඳහා මීළඟ වාරිකය ලබාදීමට පෙර ජූලි සිට දෙසැම්බර් දක්වා වාරික කඩිනමින් බැංකුවල තැන්පත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.