රජයේ සේවකයන් උදේ 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල සිට රාජකාරිවලට පැමිණීම අනිවාර්යයි!
රාජ්‍ය සේවකයන්ගේ වැඩ කරන වේලාවන්හි විශාල වෙනසක් ගෙන ඇත.
ඇතැම් රාජ්‍ය සේවකයින් නියමිත වේලාවට වැඩ ආරම්භ නොකරන බවටත්, නිසි කාල කළමනාකරණයක් අනුගමනය නොකරන බවටත් ලැබී ඇති පැමිණිලි හේතුවෙන් මෙම වෙනස සිදු කර ඇති බව දන්වා ඇත.
ඒ අනුව රජයේ සේවකයන් පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා කාර්යාලවල සිට රාජකාරීවල නිරතවීම අනිවාර්ය වන අතර තම කාර්යාල හැඳුනුම්පත සහ නිල ඇඳුම පැළඳීම අනිවාර්ය වේ.
මහජන දින ලෙස නම් කර ඇති සඳුදා දිනයේදී අමාත්‍යාංශයේ පහළ මට්ටමේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා සියලුම තරාතිරම්වල නිලධාරීන් කාර්යාලයේ සිටින ලෙසට සලස්වා ඇති බවද වාර්තා වේ.
විශේෂයෙන්ම අසනීප හෝ නොවැළැක්විය හැකි හේතු හැර වෙනත් කිසිදු හේතුවක් මත එදින නිවාඩු ලබා නොදෙන බව දන්වා ඇත.